මෙරට පෙරපාසල් යන වයසේ දරුවන් දිනකට නිර්දේශිත ප්‍රමාණයට වඩා සිව් ගුණයක් සීනි බහුල ආහාර ලබා ගන්නා බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණය කරනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු ඇඟවූයේ මෙම තත්ත්වය රට තුළ දීර්ඝකාලීනව ඇති වීමට යන සෞඛ්‍ය පරිහානියක ආරම්භය බවයි.
මෙරට සමාජ සහ චර්යාත්මක වෙනස්කම් ඔස්සේ ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනයට විවිධ බලපෑම් එල්ල වී තිබෙනවා. ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා වන ජාතික සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ එවන් පසුබිමකයි.
ඊට අනුව දරුවන්ට ඇතුළු ජනතාව දිනකට ආහාරයට ගත යුතු එළවළු, පළතුරු ප්‍රමාණයන්ද වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.
එහිදී එළවළු වර්ග දෙකක්, පළතුරු වර්ග දෙකක් මෙන්ම පලා වර්ගයක් ආහාරයට ගත යුතු වුවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ එලෙස ආහාර ලබා ගන්නේ 18.2%ක දරුවන් සංඛ්‍යාවක් පමණක් බවයි.
එමෙන්ම මෙරට පෙරපාසල් යන වයසේ දරුවන් දිනකට නිර්දේශිත ප්‍රමාණයට වඩා සිව් ගුණයක් සීනි බහුල ආහාර ලබා ගන්නා බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණ කළා.
මේ අතර වයස අවුරුදු 2 දක්වා දරුවන්ට ඩිජිටල් තිර නිර්දේශ නොකරන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
වයස අවුරුදු 2 – 5 දක්වා දරුවන් සඳහා ඩිජිටල් තිර භාවිතය ද විනාඩි 45ක් හෝ පැයක නිශ්චිත කාලයක් සඳහා සීමා කෙරෙන අතර එය මව් පියන්ගේ හෝ රැකබලා ගන්නන්ගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතුයි.
නමුත් මෙරට දරුවන් 60%කටත් වඩා පිරිසක් පැයේ සිට පැය දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ඩිජිටල් තිර එනම් ලැප්ටොප්, රූපවාහිනිය, ස්මාර්ට් දුරකථනයක් සමග කාලය ගත කිරීමට හුරුව සිටින බවයි අදාළ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ.
එමගින් දරුවන්ගේ ක්‍රියාශීලී බව ක්‍රමයෙන් අඩුවන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
මීට අමතරව දරුවන් අතර බහුලව දක්නට ලැබෙන තවත් රෝග සහ සෞඛ්‍ය ගැටලු රැසක් පවතින බව මෙහිදී අනාවරණ වුණා.
ඒ අනුව, දරුවන් අතර පවතින මුඛ ආශ්‍රිත ගැටලු බහුල වශයෙන් දක්නට ලැබීම දරුවන් අතර ඌණ පෝෂණ සහ අධි පෝෂණ තත්ත්වයන් දක්නට ලැබීම දරුවන් විවිධ අනතුරුවලට ලක් වීම දරුවන් අතර බෝවන රෝග හට ගැනීම කථන මෙන්ම දෘෂ්ඨි ආබාධ තත්ත්ව ඇති වීම වැනි සෞඛ්‍ය ගැටලු පවතිනවා.
ඒ අනුව, දරුවන් මුඛ සෞඛ්‍ය ඇතුළු පුද්ගලික සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම
දරුවන්ට පරිසරයට ආදරය කිරීමට ඉඩ සැලසීම මෙන්ම කසල නිසි කළමනාකරණයට පුරුදු කිරීම
දරුවන්ට දිනපතා එළවළු වර්ග 2ක්, පළතුරු වර්ග 2ක්, පළා වර්ග 2ක් ආහාරයට ගැනීමට පුරුදු කිරීම
දිනකට නිර්දේශිත කාල සීමාවේ ශාරීරික ක්‍රියාකාරකම්වල නියැලීම
දරුවන් නිර්දේශීත කාල සීමාවකට අනුව නිදාගැනීම දරුවන්ට කායික, මානසික හිංසනයෙන් තොර කරුණාවන්ත ලෙස කතා කිරීම
දරුවන්ට ස්වාධීනව මෙන්ම විවේචනාත්මක චින්තනයෙන් යුතුව කටයුතු කිරීමට ඉඩ සැලසීම වැනි දේ කළ යුතු බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.
✅✅✅✅✅
Tags:
News