බස් රථයක සිටි කාන්තාවකගේ කකුල් රූගත කළ තරුණයාට අමතක නොවන පාඩමක්


 බොරැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටි තරුණියකගේ කකුල් ජංගම දුරකථනයකින් රූගත කළ බවට වරද පිළිගත් තරුණයෙකුට වසර 20කට අත්හිටවූ බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විත්තිකරුට රුපියල් 1,500ක දඩයක්ද නියම කළ අතර වින්දිතයාට වන්දි වශයෙන් රුපියල් 50,000ක් ගෙවන ලෙසද නියෝග කළා.

අදාල වන්දිය නොගෙවන්නේ නම් අමතර මාස 6ක සිරදඬුවම් නියම කරන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම සිදුවීම පසුගිය වසරේ සිදුව තිබු අතර, මෙවැනි හිරිහැර කිරීම්වල නිරතවන්නන් එවැනි හිරිහැර වලින් වැළැක්වීමේ දැඩි දඬුවමක් අදාල පුද්ගලයාට ලබාදෙන ලෙසයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.

✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post