ඉෂාරා සෙවුවන්දි ඩුබායි වෙත පලා යයි…

 


මෙම කාලය අතර තුර කෙහෙල්බද්දර පත්මේ ඇයව ඉන්දියාව වෙත ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබුණි.

ඒ සඳහා තවත් පාතාල නායකයින් කිහිපදෙනෙකුගේ උදව් උපකාරද ඔහු ලබා ගත්තේය.

ඉන්දියාවට පලා යෑම සඳහා සියල්ල සූදානම් කර තිබුණත් සෙව්වන්දිව එලියට ගැනීම මහත් ගැටලුවක් විය. ඒ එම කාල වකවානුව වනවිට රට පුරාම පොලිස් මෙහෙයුම් යොදවා ඇයව සොයනා නිසාවෙනි. එම නිසා පත්මේ විසින් එම පොලිස් නිලධාරියට පවසා තිබුණේ එම උණුසුම නිවෙන තෙක් ඇය එම නිවසේම සඟවා තබන ලෙසයි. ඒ අනුව ඇයට තවත් කලක් එම නිවසේ සැඟවී සිටිමට සිදුවිය.

තවත් සති කිහිපයක් ගතවිය. සෙව්වන්දි ගැන තිබූ උණුසුම අඩුවන්නට පටන් ගත් අතර එයින් ප්‍රයෝජන ගත් පත්මේ තම සැලසුම ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය.

පත්මේ විසින් සැලසුම් කර තිබුණේ සෙව්වන්දිව බලපිටිය ප්‍රදේශයෙන් බොට්ටුවකට නංවා ඉන්දියාව වෙත රැගෙන ඒමටයි. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු ඔහු සූදානම් කර තිබුණි.

පසුගිය අප්‍රේල් මස දාහතර සහ විසි වැනිදා අතර දිනයක් තුළ සෙව්වන්දිට රැකවරණය ලබා දුන් පොලිස් නිලධාරියා විසින් පත්මේගේ සැලසුමට අනුව ඇයව බලපිටිය ප්‍රදේශයේ අදාළ ස්ථානය වෙත රැගෙන ගොස් තිබුණි. ඒ සඳහා එම පොලිස් නිලධාරියාට පත්මේ විසින් ලක්ෂ ගණන් මුදල් ලබාදි තිබුණි.

අදාළ ස්ථානය වෙත ඉතා නිරුපද්‍රිතව පැමිණි පසු සෙව්වන්දි අදාල යාත්‍රාවට නැග ඉන්දියාව බලා පිටත් විය. එලෙස ඉන්දියාවට පැමිණි ඇය සති කිහිපයක් එහි ගත කළාය.

ඉන්දියාවට ගිය පසු සෙව්වන්දි ඉන්දීය කාන්තාවකි. ඇයට වෙනම නමක්, නිවසක් දෙමාපියන් , සහෝදර සහොදරියන් පමණක් නොව ඉන්දිය රජයෙන් නිකුත් කළ වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් පවා ලැබුණි. මේ සියල්ල පත්මේ ඉන්දියන් පාතාල සාමාජිකයින් සහ ජාවාරකරැවම් සමඟ සම්බන්ධවී සැලසුම් කර තබුණි.

ඉන්දියාව මෙරටත් වඩා දූෂිත රාජ්‍යයකි. මුදල් යහමින් තිබෙනවා නම් ඉන්දියාවට පැනගිය පසු කළ නොහැක්කක් නොමැත. මෙරට නමගිය පාතාල අපරාධකරැවන් රැසක් වෙනත් විදේශ රටවලට පැන ගත්තේ පළමුව ඉන්දියාවට ගොසින්ය.

ඉන්දියාවේ ජාවාරම්කරුවෝ වෙනත් රටවල අපරාධකරුවන් එම රටේ පුද්ගලයින් ලෙස පෙන්වා විදේශ ගුවන් ගමන් බලපත්‍ර පමණක් නොව අවශ්‍ය නම් දෙමාපියන්, සහෝදර සහෝදරියන් , ඉගෙන ගත් පාසල, අධ්‍යාපන සහතික ආදී ඕනම දෙයක් සකසා දෙති. ඒ සඳහා විශාල මුදලක් ඔවුහු අය කරති.

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනගොස් වෙනස් වුයේ එලෙසින්ය. ඉන්දියාවෙ වැඩ කටයුතු අවසන්වු පසු නේපාලයට පැන ගත් සෙව්වන්දි සති කිහිපයක් එහි ගත කළාය. ඒ අතර අවස්ථා දෙකකදී ඩුබායි රාජ්‍ය වෙත යෑමට උත්සාහ කළත් එය අසාර්ථක විය. එහෙත් උත්සහය අත් නොහැරපු පත්මේ විසින් දැනට සතියකට ඉහතදී ඇයව ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වාගෙන තිබේ. ඒ අනුව දැන් ඇය ඩුබායි රාජ්‍යයේ ආරක්ෂිත ස්ථානයක සැඟවී සිටී.

ආරක්ෂක අංශවල ඇස් වලට වැලි ගසමින් ඉතා සූක්ෂම ලෙස ඩුබායි රාජ්‍ය වෙත පැන ගිය ඇයව අත්අඩංගුවට ගැනීම ⁣දැන් ලෙහෙසි කටයුක්තක් නොවනු ඇත. ඇය තිනියාවල ප්‍රදේශයේ නිවසක පොලිස් නිලධාරියකුගේ උදව් උපකාර මත සැඟවි සිටි ඇති බවත් බලපිටිය ප්‍රදේශයෙන් ඉන්දියාවට පැනගොස් ඉන් පසු ඩුබායි රාජ්‍ය වෙත පැන ගොස් තිබේ.

මෙරට ආරක්ෂක අංශ ඉෂාරා සෙව්වන්දි පිළිබඳ සිදුකරන පරික්ෂණ වලදී මෙම තොරතුරැ වලද වැදගත්‍ කමක් තිබෙනු ඇතැයි අපි සිතන්නේමු.

ගයාන් සමරසිංහ
දිවයින

Post a Comment

Previous Post Next Post