අවුරුදු 20, 40 ත් අතර පිරිසට හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළට

 


වයස අවුරුදු 20ත් 40ත් අතර වයසේ තරුණ තරුණියන් අතර හෘදයාබාධ ඇති වීමේ ප්‍රවණතාවය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසනවා. 

 
ප්‍රතිකාර ගැනීමට පැමිණෙන තරුණ රෝගීන් දස දෙනෙකුගෙන් පස් දෙනෙකුටම හෘදයාබාධ පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 
 
හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post