බහින්බස්වීම දුරදිග යයි.. දියණියට අපරාධයක් කිරීමට තැත් කළ පියා අනියම් බිරිඳගේ නිවසේ සැඟවෙයි..

 


තමන්ගේ දරුවෙක්ට මේ වගේ දෙයක් කරන්න ඇත්තටම තාත්තා කෙනෙක්ට පුළුවන්ද..? ඔහු අවසානයේ ඒ අපරාධය කරලා ගිහින් තියෙන්නේ අනියම් බිරිඳ සොයාගෙනයි..
කිතුල් මල් කපන පිහියකින් තම දියණියගේ ගෙල කපා තුවාල කළ බව කියන පියෙකු බුලත්සිංහල පොලිසිය මගින් ඉකුත් 23 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.. එම අපරාධය සිදුකර ඔහු සැඥව ඇත්තේ, අයගම ප්‍රදේශයේ පිහිටි අනියම් බිරිඳගේ නිවසේ බවයි වාර්තා වෙන්නේ..

සිද්ධියෙන් තුවාල ලැබූ ලොකුමාන්නගේ තක්ෂිලා ලක්මාලි (අවු. 25) යන අය හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබුණා..

අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ පදිංචිව සිටි තමා ස්වාමි පුරුෂයා සහ අවුරුද්දක් වයසැති දරුවාත් සමග නිග්ගහ, බටහේන ප්‍රදේශයේ ආච්චිගේ නිවසට පැමිණියේ වගා කටයුතු සඳහා බව තුවාලකාරිය පොලිසියට ප්‍රකාශ කර තිබුණා.. ඉකුත් 22 වැනිදා ආච්චිගේ නිවස අසල නිවසක අවමංගල්‍යයක් සිදුව තිබූ බවත්, ඒ සඳහා නිවසේ ආච්චිත්, පියාගේ අනියම් බිරිඳත් රාත්‍රී ආහාර පිළියෙළ කරමින් සිටි බවත් ඇය කර තිබූ ප්‍රකාශයේ සඳහන් වෙනවා..

රාත්‍රී 8.30ට පමණ බීමත්ව පැමිණි පියා ආච්චිට පහර දෙන විට තමා ඇයව බේරා ගැනීමට යෑමේදී ඇතිවූ වචන හුවමාරුව දුරදිග යෑමෙන් පසු පියා තමාගේ බෙල්ලට හා පිට ප්‍රදේශයට කිතුල් මල් කපන පිහියෙන් පහරදුන් බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ දැක්වෙනවා..

සැකකරු අයගම පොලිස් වසමේ පිහිටි ඔහුගේ අනියම් බිරිඳගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (24 දා) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා..

දිවයින පුවත්පත ඇසුරෙන්..

✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post