නාවලපිටිය නගර සභා මන්ත්‍රීගෙන් අපේක්ෂකයෙකුට ප්‍රහාරයක්

 


නාවලපිටිය නගර සභාවේ සභිකයෙකු විසින් එම නගර සභාවට තරග කර පරාජය වූ අපේක්ෂකයෙකුට පහරදී තිබෙනවා.

එසේ පහර දුන්නේ යැයි කියන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන අරඹා තිබෙනවා.
මෙසේ පහර කෑමෙන් තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන්නේ එම නගර සභාවට තරග කර පරාජය වූ ලක්සිරි විමලරත්න නැමැත්තෙක්.
පහර කෑමට ලක්වූ ලක්සිරි විමලරත්න කියා තමා සිටියේ නාවලපිටිය ගොන්දෙන්නාව කොට්ඨාශයට තරග කර පරාජය වූ බවයි.
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව විසින් ඔහුගේ ඥාතියෙකු ලයිස්තුවෙන් නාවලපිටිය නගරසභාවට සභිකයෙකු වශයෙන් පත්කර ඇති බවද ඔහු පවසනවා.
එම සභිකයා සහ සමගි ජන බලවේගයෙන් නාවලපිටිය නගරසභාවට පත් වූ තවත් සභිකයෙකු ජාතික ජන බලවේගයට සහයෝගය දක්වා නාවලපිටිය නගරසභාවේ බලය ලබා දීමට රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවත්, ඒ පිළිබඳව ලයිස්තුවෙන් තේරිපත් වූ සභිකයාගෙන් (23) උදේ නාවලපිටිය නගරයේදි සිද්ධිය සම්බන්ධයෙන් විමසූ බවද පවසනවා.
එහිදී දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් පසු ලයිස්තුවෙන් තේරි පත් වූ උදිත ඉන්දික ගංහේවා තමන්ට පහර දුන් බව ඔහු පවසන්නේ. මේ සම්බන්ධයෙන් ලක්සිරි විමලරත්න විසින් නාවලපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
සමගිජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මේ සම්බන්ධයෙන් කියා සිටියේ පෞද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් ඇති වූ බහින්බස් වීමක් මෙම ගැටුමට මුල් වූ බවයි.
ජාතික ජන බලවේගයේ බලය පිහිටුවීමට සමගි ජන බලගවේගයේ කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡා පවත්වා නොමැති බවද ඔහු කියා සිටියා.

✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post