උසස් පෙළ සිසුවියගේ මළ සිරුර ළිඳකින් හමුවෙයි


 වවුනියාව, වෛරවපුලියන්කුලම ප්‍රදේශයේ පෞද්ගලික උපකාර පන්තියක් අසල තිබූ ළිඳක් තුළ තිබී උසස් පෙළ දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

ඊයේ (11) සවස මෙම මළසිරුර සොයාගෙන ඇති අතර, ඇය වවුනියාව ප්‍රදේශයේ පදිංචිව සිටි මේ වසරේ වාණිජ අංශයෙන් උසස් පෙළ සඳහා පෙනී සිටින දැරියකි.

අදාළ දැරියට ඊයේ උදෑසන සිට දහවල් වන තෙක් සිට පන්ති තිබී ඇති අතර, ඇය හවස නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමාපියන් සොයා බලා තිබේ.

එහිදී ඇගේ පොත් බෑගය සහ ඇය පැමිණි පාපැදිය උපකාරක පන්තිය තුළ තිබී සොයා ගෙන ඇත.

තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඇගේ පාවහන් යුවළ පන්තිය ආසන්නයේ වූ ළිඳක් අසල තිබී සොයා ගෙන ඇති අතර, ඒ අනුව වහාම වවුනියාව පොලීසිය දැනුවත් කර වවුනියාව නගර සභා සේවකයින් හා ප්‍රදේශවාසීන් ළිඳට බැස පරීක්ෂා කර තිබේ.

එහිදී දැරියගේ මළ සිරුර ළිඳ තුළ තිබී සොයාගෙන ඇත.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (12) පැවැත්වීමට නියමිත අතර, මරණය සියදිවි නසා ගැනීමක්ද, නැතහොත් වෙනත් කාරණයක්ද යන්න සම්බන්ධයෙන් සොයා වවුනියාව පොලීසිය පරීක්ෂණ පවත්වයි.


Ada derana news 

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post