ශරීරය තුළ තැන්පත් කර තිබූ උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණි විසි පස් හැවිරිදි එක්දරු මවක දූ#ෂණය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි 70 හැවිරිදි වෛද්‍යවරයෙකු එම චෝදනාවට වරදකරු බවට අනුරාධපුර මහාධිකරණය තීන්දු කළේ ය.
ඒ, ඊට අදාළ නඩුව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් ඉදිරියේ අද (අගෝස්තු 11) යළි කැඳවූ අවස්ථාවේදී ය.
එහිදී විනිසුරුවරයා නියෝග කළේ, විත්තිකාර වෛද්‍යවරයාට වසර පහළවක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලෙස ත් පැමිණිලිකාර මවට මුදලින් රුපියල් ලක්ෂ පහළවක වන්දියක් ගෙවන ලෙස ත් ය.
එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකාර වෛද්‍යවරයාට තවත් වසර තුනක සිර දඬුවමක් ද විනිසුරුවරයා නියම කළේ ය.
ඊට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන ලෙසට ද විත්තිකාර වෛද්‍යවරයාට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම විත්තිකරු පැහැර හරින්න්නේ නම් ඔහුට තවත් වසරක සිර දඬුවමක් නියම කළේ ය.
Redirecting in a moment...
Tags:
News