පොලිස් නිලධාරියෙක් අබිරහස් ලෙස මරුට

 


මීගමුව, කොච්චිකඩේ කම්මල් තොටුපොළ මුහුදු තීරයේ ත්‍රීරෝද රථයක් තුළ පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක් අද (14) උදෑසන සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් රියදුරෙකු වන ජයන්ත පුෂ්පකුමාර නම් වයස අවුරුදු 56ක් වන මීගමුව දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මෙම සිද්ධිය අද උදෑසන ප්‍රදේශවාසීන් දැක ඇති අතර, ඔවුන් විසින් කොච්චිකඩේ පොලීසිය දැනුම්වත් කර තිබේ.

ඒ අනුව කොච්චිකඩේ පොලීසිය හා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

මේ වනවිට මළසිරුර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලවෙත රැගෙන යෑමට නියමිතය.


✅✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post