ආර්ථිකය හදන්න බැරුවුනොත් මිනිස්සු අපව එලෝනවා..! – ලාල් කාන්ත

 


ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත්වීමට හේතුව වූයේ ආර්ථික ප්‍රශ්නය බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

එකල රට බංකොලොත්වී තෙල් පෝලිම් පැමිණි බවත් ණයක් දෙන්න හෝ කිසිවකු ඉදිරිපත් නොවූ බවත් ඔහු පැවසීය.

ආර්ථිකය කඩන් වැටුන හොත් දේශපාලනයක් ඉතුරු නොවෙන බවද පැවසූ එවිට බලය රැක ගැනීමට නොහැකි බවද කියා සිටියේය.

තම ආණ්ඩුවද මෙරට ආර්ථිකය ගොඩනැගුවේ නැතහොත් තම ආණ්ඩුවටද පවතින්න බැරි බවත් මිනිස්සුන් තමන්ව යවන බවත් ඒ මහතා පැවසුවේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.




Post a Comment

Previous Post Next Post