උප නගරාධිපතිකම හතරකට බෙදා කුරුණෑගල බලය ගන්න සජඹේ සූදානම්..

 


තම පක්ෂයට කුරුණෑගල මහා නගර සභාවේ බලය ලබාගැනීමට සහය ලබාදුනහොත් ඒ සඳහා නියෝජ්‍ය නගරාධිපති තනතුර අපේක්ෂාවෙන් සිටින සභිකයින් සිවු දෙනකු හට වසර බැගින් එම තනතුර දැරීමට අවස්ථාව ලබාදෙන බව සමගි ජනබලවේගයේ නගරාධිපතිධුර අපේක්ෂක සුමේධ අරුණශාන්ත ප්‍රකාශ කළේය.

මෙවර මැතිවරණයෙන් පත්ව සිටින වෙනත් දේශපාලන පක්ෂ හතරක සභිකයන් සිවුදෙනකු ඔවුන්ගේ සහාය ලබාදීම සඳහා නියෝජ්‍ය නගරාධිපති තනතුර ඉල්ලා ඇති බැවින් තම පක්ෂය සමග සාකච්ඡා කර මෙවැනි තීරණයක්ගත් බවද ඔහු පැවසීය.

ඒ අනුව එම සභිකයන් එම යෝජනාවට එකඟතාවය පළ කළහොත් තුණ්ඩු ඇදීමේ ක්‍රමය භාවිතා කර ඉදිරි වසර හතර සඳහා ඔවුන් වෙත නියෝජ්‍ය නගරාධිපති තනතුර ලබාදෙන බව හෙතෙම පවසා සිටී.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ සභිකයන් සිවු දෙනාම පළාත් පාලනය පිළිබඳව මනා පළපුරුද්දක් ඇති හිටපු නාගරික මන්ත්‍රිවරුන් වන බැවින් ඔවුන්ට නියෝජ්‍ය නගරාධිපති තනතුර ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවයි.

✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post