දෙවුන්දර සහ කළුතරදි ධීවර යාත්‍රා දෙකක් අනතුරක...

 


ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක් අනතුරට පත්ව තිබේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ කළුතර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවකි.

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාවේ ධීවර කාර්මිකයින් 5 දෙනෙකු සිට ඇති බවට විශ්වාස කරනු ලබන අතර එම යාත්‍රාව වාණිජ නෞකාවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවටත් සැක පළ කරනු ලබයි.

කෙසේ නමුත් අනතුරින් එක් ධීවරයෙකු මුදවාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනෙකුත් ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව ඇතැයිද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධව නාවික හමුදාවට දැනුම් දීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් පිටත් කර යවා ඇති අතර වෙනත් ධීවර යාත්‍රා කිහිපයක්ද මේ වන විටත් අතුරුදන් වූ එම ධීවරයින් සිව්දෙනා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇතැයිද සඳහන් වේ.

ගොඩබිම සිට සැතපුම් 20කට ආසන්න මුහුදේ මෙම අනතුර සිදුව තිබේ.

කළුතරින් මුහුදු ගිය ධීවර යාත්‍රාවකුත් පෙරළෙයි – ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

මේ අතර කළුතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් දරන කුඩා ධීවර බොටුටුවේ ගමන්කල අළුත්ගම ප්‍රදේශයේ  පදිංචිව සිටී නදුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නදුන් කුමාර බව වාර්තා වේ.

අතුරුදන් පුද්ගලයින් අවට පිරිස් විසින් බෝට්ටු යොදාගනිමින් සොයමින් සිටීන අතර, අනතුරට පත් බෝට්ටුව වෙරළට රැගෙන විත් ඇති බවත් වාර්තා වේ.

✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post