ගුවන් අනතුරින් බේරුණු රමේෂ්ගේ සුව දුක් බලන්න ගිය මෝදි

 


ඉන්දීය ගුවන් අනතුරින් දිවි ගලවා ගත් 40 හැවිරිදි විශ්වාෂ් කුමාර් රමේෂ් නමැති ඉන්දීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයා, ඉන්දියාවට පැමිණ ආපසු යද්දී මෙම අනතුරට මුහුණ දුන් බව පැවැසෙයි.

ශ්වාෂ් කුමාර් රමේෂ් ඉන්දියාවට පැමිණ ඇත්තේ, 45 හැවිරිදි සොහොයුරා අජේ කුමාර් ද සමඟය. ගුවන් අනතුරින් අජේ කුමාර් මියගියේය. සුළු තුවාල ලබා දිවි බේරාගත් කුමාර් රමේෂ්, අහ්මදාබාද් රෝහලට ඇතුළත් කෙරුණි. දින කීපයකින් ඔහු රෝහලෙන් පිටවී යනු ඇතැයි වෛද්‍යවරුන් පවසා ඇත.

ගුවන් අනතුර ගැන සැලවීමෙන් තමන් අතිශය කම්පනයට පත්වුණු බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පැවැසුවේ, සමාජ මාධය ඔස්සේ සටහනසක් තබමිනි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් ද අනතුර සම්බන්ධයෙන් කම්පනයට පත්වූ බව නිවේදනය කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුවන් යානය කඩා වැටුණු ස්ථානයට ගියේය. අනතුර සිදුවුණු ස්ථානය දැක බලා ගැනීමෙන් පසු මෝදි රෝහලට ගොස් අනතුරින් දිවි ගලවා ගත් විශ්වාෂ් කුමාර් රමේෂ් ද හමුවිය.

(එන්.ඩී.ටීවී.)



✅✅✅✅✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post