මේ ප්‍රදේශවලට හෙට පැය 12ක ජල කප්පාදුවක්


ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ හෙට පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවය.

ඒ අනුව, පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක / සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ, කටුනායක, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

ලංකා විදුලි බල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය. 

✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post