12 හැවිරිදි දියණිය පිරිමින්ට විකුණු නරුම මව


 වයස අවුරුදු 12යි මාස 08ක් වූ තමන්ගේ දියණිය ගණිකා සේවයේ යෙද වූ බව කියන මවක බදුරලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය, මෝල්කාව ප්‍රදේශය ආශ්‍රිත ගමක පදිංචි මවකි.

මෙසේ ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට කඩවත, ප්‍රදේශයේ ළමා මධ්‍යස්ථානයේ රඳවා සිටින වින්දිත දැරියගෙන් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය ජුලි 14 වැනිදා ලබා ගත් වීඩියෝ සාක්ෂිය පදනම් කරගෙනය. මව දැනුවත්ව පුද්ගලයින් කීපදෙනකු සමග ලිංගිකව එක්වූ බවත්, ඔවුන් ලබා දුන් මුදල් මවට දුන් බවත් දැරිය එහිදී ප්‍රකාශ කර තිබුණි. ඒ පිළිබඳව මින් පෙර පොලිසියට නොකීවේ මව අත්අඩංගුවට ගෙන රක්ෂිත

බන්ධනාගාර ගත කිරීම හෝ තමා පරිවාස භාරයට පත් විය හැකි නිසා බව ද ඇය ප්‍රකාශ කර තිබේ. බදුරලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.පී. වැදිසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.

කළුතර විශේෂ එස්.ආරච්චිගේ

✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post