ඉසෙඩ් ඇළට වැටුණු අලියා කිලෝ මීටර් 20 දුර ගසාන යයි


 පොළොන්නරුව මාදුරුඔය ඉසෙඩ්.ඩී. ප්‍රධාන ඇළට  පිඹුරත්තෑව ප්‍රදේශයෙන් අද  වැටි සිටි වන අලියකු  සැඩ පහරට අසුව කිලෝමීටර් 20 පමණ දුරට ගසාගෙන යෑමෙන් අනතුරුව පැය 11 ක මෙහෙයුමකින් පසු  අරලගංවිල මැදගම ප්‍රදේශයෙන් ගොඩට ගෙන වෙහෙරගම රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළහ.

බීමට ජලය සොයා පැමිණි එම වන අලියා ගොඩට ගැනීම සඳහා අරලගංවිල පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ලැබුණු බවත්, එම අලියාගේ වයස අවුරුදු හතළිහක් පමණ වන බව පිඹුරත්තෑව සහකාර අඩවි ආරක්ෂක,එස්.ඒ වික්‍රමරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.

මෙම අලියා මාදුරුඔය පිඹුරත්තෑව ප්‍රදේශයෙන් ප්‍රධාන ඇළට වැටී ඇති අතර, සවස 3,00 ට අලියා දැඩි ප්‍රයත්නයකින් පසුව ගොඩ ගැනීමට හැකියාව ලැබූනු බව පිඹුරත්යාව අඩවි ආරක්ෂක,ප්‍රවීෂ් පෙරේරා මහතා අප කළ විමසීමකදී පැවසීය.




Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post