පාසල ලග කඩෙන් ටොපි කෑ ලමුන් 25ක් සහ වැඩිහිටියන් 5ක් රෝහලේ


ටොපි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු ආසාත්මික වීම හේතුවෙන් ඉබ්බාගමුව පොලගොල්ලේ ප‍්‍රසිද්ධ පාසලක දරුවන් 25 දෙනකු සහ වැඩිහිටියන් පස් දෙනකු පොල්ගොල්ල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව ගොකරැල්ල මහජන සෞඛ්‍ය කාර්යාලය පවසයි.

ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දරුවන් 7 දෙනකු හා එක් වැඩිහිටියකු කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

පාසල අසල පිහිටි කුඩා වෙළඳසලකින් ලබා ගත් ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු මෙම තත්වය මුහුණ පා ඇත.

එම පාසලේ 6 සහ 7 වසර වල දරුවන් පිරිසක් මෙම ටොපිය ආහාරයට ගැනීමෙන් හුස්ම ගැනීමේ අපහසුව, ක්ලාන්තය හා කැසීම ඇතුලූ රෝගී තත්ත්වයන්ට භාජනය වී ඇති අතර ටොපි ආහාරයට නොගෙන රෝගීන් අතපත ගෑ අයට මෙන්ම දරුවන් ඇල්ලූ අයටද එකී රෝගී තත්ත්ව ඇති වූ බවත් ඔවුහු පවසති.

පොල්ගොල්ල ප‍්‍රාදේශීය රෝහලට එම දරුවන් ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් පරීක්‍ෂා කල වෛද්‍යවරයකුට හා සාත්තු සේවකයකුට ද එකී ආසාත්මිකතාවය ඇති වී ඇත.

(සම්පත් සෙනවිරත්න සහ චාන්දනී දිසානායක)

උපුටාගැනීම: ලංකාදීප

✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post