වසර 3,500ක් පැරණි නගරයක් පේරු රාජ්‍යයෙන් සොයාගනී


පේරුහි පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් එරට තිබූ වසර 3,500ක් පැරණි නගරයක් සොයාගෙන තිබේ.

ඔවුන් පවසන්නේ මෙම ඉපැරණි ගම්මානය පැසිෆික් වෙරළ, ඇන්ඩීස් කඳු පන්තිය සහ ඇමසන් වනාන්තරය සම්බන්ධ කරන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස පැවති බවය.

එමෙන්ම මෙම පෞරාණික නගරය මැදපෙරදිග සහ ආසියාවේ ආරම්භක ශිෂ්ටාචාරයන් පැවති යුගයේදීම ඉතා සමෘද්ධිමත්ව පැවැති බව ද සඳහන්.

මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් (අඩි 1,970) පමණ ඉහළින් පිහිටා තිබෙන මෙම නගරයේ තිබූ ගල් හා ගඩොල් බිත්ති මෙන්ම ගොඩනැගිලිවල නටඹුන් සොයාගැනීමට හැකිවී තිබේ.

දකුණු අමෙරිකාවේ උසම කන්ද වන රටවල් රැසක විහිදී තිබෙන ඇන්ඩීස් කඳු පන්තියේ කොටසක් පේරු රාජ්‍යයට අයත්ව තිබේ.

එමෙන්ම ඇමසන් වනයේ මායිමක්ද පේරු රාජ්‍යයට අයත්. 


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post