ටෙක්සාස් ගංවතුරෙන් මියගිය ගණන 43දෙනෙකු දක්වා ඉහළට


අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූවන් මුදාගැනීම සහ අනෙකුත් සහන සේවා සඳහා උපරිම සහාය ලබාදෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. 

දැනට වාර්තා වන ආකාරයට ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 43 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊට ළමුන් 15 දෙනෙකුද අයත් අතර තවත් ළමයින් 27 දෙනෙකු අතුරුදන්ව ඇති බවද වාර්තා වෙයි. 

තවත් 850 දෙනෙකු පමණ මුදාගැනීමට හැකිව තිබේ.

සහන කණ්ඩායම් යොදවමින් තවදුරටත් මෙහෙයුම් සිදුකෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post