අම්පාර දිස්ත්‍රික්කයේ 2025 යල කන්නයේ වී වගා අස්වනු නෙළීම ආරම්භ කර ඇති නමුත් රජය වී අලෙවි මණ්ඩලය හරහා වී අස්වනු මිලට ගැනීමට මේ වනතෙක් කටයුතු නොකිරීමත් නිසා, තමන් පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ සහ අතර මැදියන්ගේ සූරාකෑමට ලක්වෙමින් සිටින බවට, ගොවී ජනතාව මැසිවිලි නගති.
මේ වන විට අම්පාර දිස්ත්‍රික්කයේ තෙත වී කිලෝවක මිල රුපියල් 90 – 95 ත් අතර මිලකට පෞද්ගලික වෙළෙන්දන් සහ අතරමැදියන් මිලට ගනිමින් සිටින අතර, වී වගාව නිසාම ණය බරින් හෙම්බත්ව සිටින ගොවියන් කෙසේ හෝ වී අස්වනු අලෙවිකරණය බරින් මිදීමට උත්සාහ කරමින් සිටින බව, ඔවුහු පවසති.
පසුගිය කන්නයේ දී වී මිලට ගැනීම සඳහා පැමිණි පෞද්ගලික ව්‍යාපාරිකයින් සහ අතරමැදියන් නීත්‍යානුකූල නොවන තරාදි උපයෝගිකර වී අස්වනු මිලට ගනිමින් සිටිය දී කිරුම් මිණුම් නිලධාරීන්ට හසු වූ බවත්, මෙම කන්නයේ දී මුල සිටම ඒ පිළිබඳව පරීක්ෂාකාරීව, ගොවි ජනතාව අයථා ලෙස සූරාකෑම් වළක්වා දෙන ලෙසත්, ඔවුහු ඉල්ලති.
อආරම්භ වගාව කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කන්න රැස්වීමක් පවත්වා තීරණ ගන්නා සේම, වගා කළ අස්වැන්න අලෙවි කිරීම සම්බන්ධව ද එම අවස්ථාවේදී තීරණය කළ හැකි නම්, ගොවි ජනතාව අපහසුතාවයට පත් නොවන බව ද, ඔවුහු පෙන්වා දෙති.
✅✅✅✅✅
