දියණිය ප්‍රේම සම්බන්දයට අකැමති වූ මවව නොඑන ගමන් යවයි


ඉපදුණු දවසේ ඉඳලා අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් මොන තරම් නම් කැපවීම් කරනවාද..?

ඇයටත් තම දියණිය වෙනුවෙන් එහෙම කරන්න ඇති.

ඒත් අවසානයේ ඇගේ ජීවිතයේ එක සතුටක් වෙනුවෙන් මේ මවට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. මේ කතාව ඇසෙන්නේ ඉන්දියාවෙන්.

ප්‍රේම සබඳතාවයට මව අකමැත්ත පළ කිරීම හේතුවෙන් ඇයව ඝාතනය කළ පුවතක් ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ මෙඩ්වල් දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා.

තම දියණියගේ ආදර සම්බන්ධයට මව උරණ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇය සිය දියණියට බැණ වැදී තිබෙනවා.

මවගේ ‍බැණ වැදීමෙන් පසු කලබල වී ඇති දියණිය සිය පෙම්වතා සහ සහෝදරයා සමඟ එක් වී 39 හැවිරිදි මව ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ දියණිය 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර පෙම්වතා 19 වැනි වියේ සහ පෙම්වතාගේ සහෝදරයා 18 වන වියේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post