සිහින නගරයට එන සුපිරි නළු ෂාරුක් – විශේෂ නිවේදනය මෙන්න


City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම City of Dreams Sri Lanka මේ බව සඳහන් කර ඇත.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හි සුවිශේෂී ව්‍යාපෘතියක් වන මෙය සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදුකරනු ලබන විශාලතම ආයෝජනය ලෙස ද සැලකේ.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණය සුපිරි හෝටල්, ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදය, සාප්පු සවාරි සහ MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) කාණ්ඩයේ අත්දැකීම් එකම ස්ථානයකට රැගෙන ඒම විශේෂත්වයකි. 

✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post