දැරියට කරදර කරන්න ගිය පොලිස් නිලධාරියාට පවුලේ අයගෙන් රජ කෑමක්


දෙහිවල නැදිමාල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිදා සිටි 13 හැවිරිදි දැරියකට ලිංගික අතර කිරීමට තැත් කළැයි කියන පොලිස් කොස්තාපල්වරයකු අත් අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්ත දෙහිවල පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරී පදනම මත සිටින නිලධාරියෙකි.

නිවැසියන්ගෙන් පහර කෑ කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

දෙහිවල නැදිමාල නිවසකට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු අල්ලාගෙන සිටින බවට ලද පැමිණිල්ලක් අනුව රාත්‍රී ජංගම සංචාර නිලධාරීන් එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post