කසාදයට බෑ කියූ පෙම්වතියව අවසන් ගමන් යැවූ වියරු පෙම… අම්පාරේ පෙමේ අලුත්ම විස්තර එළියට


පෙම් පළහිලව් දෙකකින් තරුණ කාන්තාවන් දෙදෙනකුට ජීවිත වූ පුවත් දෙකක් අද වාර්තා වුණා.

අම්පාර පදියතලාව මරංගල ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අලුයම් කාලයේ පැමිණි තරුණයෙකු සිය පෙම්වතිය ඝාතනය කර තමන්ද ගෙල කපාගෙන සියදිවි හානිකර කරගෙන තිබෙනවා.

පදියතලාව පොලිසිය පැවසුවේ අදාළ තරුණයා පෙම්වතියගේ මවට සහ පියාට ද තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර ඇති බවයි.

පොලිස් විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ අද අලුයම 02 ට පමණ පැමිණි තරුණයා මේ ඝාතනය සිදුකර ඇති බවටයි.

අදාළ පෙම්වතිය ඔහු සමඟ විවාහ වීමට අකමැත්ත ප්‍රකාශ කිරීම මත ඇති වූ ආරාවුලක් හේතුවෙන් ඔහු මෙලෙස නිවසට පැමිණ පෙම්වතිය ඝාතනය කර ඇති බවයි පැවසෙන්නේ.

තරුණිය ඝාතනය කර මෙලෙස සිය දිවි නසාගෙන තිබුනේ මොණරාගල දඹගල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

ඔහුගේ පහර කෑමෙන් තුවාල ලැබූ තරුණියගේ මා පිය යුවළ මහඔය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර නාවලපිටිය ඉඹුල්පටිය ප්‍රදේශයේ බංගලාවක් තුළදී කාන්තාවක් ඝාතනයකළ පුද්ගලෙයකු ගම්පොළ පොලිසියට පැමිණ භාර වී තිබෙනවා.

ඔහුගෙන් ලැබුණු තොරතුරු මත අදාළ ස්ථානයට ගිය පොලිසිය කාන්තාවගේ මළ සිරුර සොයා ගත්තා.

අදාළ කාන්තාව සමඟ සැකකරු පෙම් සබඳතාවක් පවත්වා ඇති අතර ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් පසුව මේ ඝාතනයට හේතු වී ඇති බව ඔහු පොලිසියට පවසා තිබෙනවා.

ඝාතනයට ලක්වූ කාන්තාව තිදරු මවක් වන අතර සැකකාර පුද්ගලයා ගම්පොල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය පවසන්නේ..

✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post