කාන්තාවකගේ කකුලක් වෙන් වෙන්න හප්පා, පලා ගිය අවු. 15 පාසල් සිසුවා


 මේ ඇත්තෙන්ම ඇඟ සලිතවන ආරංචියක්..

මේ සිද්ධියෙන් පස්සේ ඔහුට මොනවා නම් හිතෙන්න ඇතිද..? ඒත් ඔහුට ඒ කළ වරද අවසානයේදී පිළිගන්නම වෙලා..

අක්මීමන, හිනිඳුම්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක් බිහිසුණු අනතුරකට මුහුණ දී තිබෙනවා..

පාසල් ගිය සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවෙක් පැමිණෙන තුරු එම කාන්තාව තම ස්කූටි වර්ගයේ යතුරු පැදිය මත අනෙක් දරුවා සමග රැඳී සිට ඇති අතර, එහිදී එක්වරම මාර්ගයේ ගමන් කළ යතුරු පැදියක ඇගේ පාදයේ වැදී ඇති අතර ඇයගේ පාදය එහිදී වෙන්වී තිබෙනවා..

වෙන්වූ පාදයේ දණහිසෙන් පහල කොටස යතුරුපැදියේ පැටලී ඇති අතර, යතුරුපැදිකරු පාදයේ කොටසත් සමගම අනතුර සිදු වූ ස්ථානයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වෙන්නේ…

පසුව යතුරුපැදිකරු නිවසට ගොස් පැටලී තිබු පාදයේ කොටස කැලයකට විසිකොට තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මෙසේ යතුරුපැදිය ධාවනය කර පසුව කාන්තාවගේ පාදය කැලයට විසිකර ඇත්තේ අවුරුදු 15ක් වූ සිසුවෙක් බවයි..

අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අක්මීමන පොලිසිය අනතුරුව අනතුර සිදුකළ පුද්ගලයා සොයා විමර්ශනයේදී ලද තොරතුරු මත ඔහුගේ නිවසට පැමිණ තිබෙනවා..

එහිදී පොලිස් නිලධාරීන් විසින් අනතුරට පත් කාන්තාවගේ පාදය කොහේදැයි විමසූ විට ඔහු එය කැලයට විසිකළ බව පවසා ඇති අතර, පසුව එම පාදය රැගෙන රෝහලට ගියත් ඒ වන විට එම පාදය කාන්තාවට බද්ධ කිරීමට නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා..

අනතුර සිදුකිරීම සම්බන්ධයෙන් එම තරුණයා අත්අඩංගුවට ගෙන අද (25) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔහු අගෝස්තු 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා..


Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post