අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට තග දැමු ජපුර විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශීගේ දුව අත්අඩංගුවට


ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) මරණ තර්ජන කළ බව කියන එම විශේෂඥ වෛද්‍යවරියගේ දියණිය අද (7) අත්අඩංගුවට ගත් බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 7 ප්‍ර දේශයේ පදිංචි 21 හැවිරිදි විදේශ රටක සරසවි සිසුවියකි.

එම සැකකාරිය නීතිඥවරයකු මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post