ජාන කියන්නෙ මාර දේවල් – මාධවී දැම්ම සටහන


මාධවී වත්සලා ඇන්තනී, ඇය දැන් කලාවෙන් ටිකක් ඈත් වුණත්, තවමත් ඇයට කලාව වෙනුවෙන් කාලය යොදවන්න ලොකු හිතක් තියනවා..

ඒත් ඒ කාලය හරස්වෙන්න පුංචි පුතා කෛලාෂ් නිසානේ.. කෛලාෂ්ගේ දඟවැඩත් එක්ක දවසම ගෙවන මාධවී , මේ දවස්වල ඇගේ මුහුණුපොත පුරවන්නෙත් පුංචි පුතා ගැන ලියැවුණු එක එක සටහන්වලින් කිව්වොත් හරි..

මේත් අන්න ඒ වගේ ආදරණිය සටහන්.. පුංචි පැටියාගේ ආදරණීය සීයාතාත්තා, ඒ කියන්නේ මාධවීගේ අප්පච්චිට පුංචි කෛලාෂ්ව ඇස් දෙකෙන් දැකගන්න වාසනාව නැති වුණත් ඔහු දැන් ඉන්න තැනක ඉඳලා පුංචි කෛලාෂ්ට ආශිර්වාද කරනවා ඇති..

මාධවීගේ මේ සටහනත් ඇගේ ආදරණීය අප්පච්චි ගැනයි.. මේ ඒකාලේ ඇගේ අප්පච්චි වගේම දැන් ඇගේ උකුලේ නැළවෙන පුංචි කෛලාෂ් ගැන ලියැවුණු තවත් ආදරණීය සටහනක්..

“මගෙන් ඔයාලා හුඟක් දෙනෙක් මේ ෆොටෝ එක ඉල්ලුවානේ. ඉතිං එහෙනම් මේන්න ඉන්නවා සීයාතාත්තා බබයි කෛලාෂ් බබයි. මයෙ අප්පච්චි අද හිටියනම් එයා තමයි මේ ෆොටෝ එක දාන්නෙ හරි ආඩම්බරෙන්. ඒකෙ කැප්ශන් එකට මෙහෙම එකක් ලියයි. “මගෙ එකීගෙ පොඩි එකයි මායි”
ජාන කියන්නෙ මාර දේවල්! ”




Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post