පාලු බංගලාවක් තුළ අනියම් බිරිඳව ඝාතනය කර සැකකරු පොලීසියට භාරවෙයි


 නාවලපිටිය, ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුළදී අනියම් බිරිඳගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයා පොලීසියට භාර වී තිබේ.

සැකකරු ගම්පොළට භාරවී ඇති අතර, පසුව නාවලපිටිය පොලීසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇත.

ඊයේ (22) සවස මෙම ඝාතනය සිදුව ඇති ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ පදිංචිව සිටි යෝග මලර් නැමති 39 හැවිරිදි තිදරු මවකි.

ඝාතනයට ලක් වූ කාන්තාව සැකකරු සමග ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ මාස 09 ක පමණ කාලයක් එකට වාසය කර ඇති අතර, පසුව යළිත් සිය නිත්‍යානුකූල සැමියාගේ නිවසට පැමිණ තිබේ.

නිවසට පැමිණ සිටි අදාළ කාන්තාව වරින්වර සැකකරුට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර, ගෘහසේවය සඳහා විදෙස්ගත වීමට සුදානමින් සිට ඇත.

පොලීසිය සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ, විදෙස්ගත වීම සම්බන්ධයෙන් සැකකරුගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබූ බවය.

ඝාතනයට ලක් වූ කාන්තාව විදෙස්ගත වීමට ග්‍රාම සේවක සහතිකයක් ලබා ගැනීමට ගිය අවස්ථාවේ දී සැකකරු දුරකථනයෙන් කතා කර පාලු නිවසකට පැමිණෙන ලෙස පවසා ඇති අතර, එහි ගිය පසු කාන්තාවගේ ගෙල කපා ඝාතනය කර ඇත.

මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post