සිසුන් රැගත් බස් රථයක රියැදුරෙකුට හන්තානේදී පිරිසක් පහරදෙයි


 අනුරාධපුරයේ සිට හන්තාන කදුවැටිය නැරඹීමට පාසල් සිසු සිසුවියන් පිරිසක් රැගෙන ආ පෞද්ගලික බස් රථ රියැදුරෙකුට මහනුවර හන්තාන ප්‍රදේශයේ පිරිසක් මුගුරකින් පහර දී තිබෙනවා.

හන්තාන කදුවැටිය නරඹා ආපසු බස් රථය මහනුවර දක්වා ධාවනය කරමින් තිබූ අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක බස් රථය ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊට උරණ වූ ගම්වාසීන් බස් රථය නතරකර රියදුරු අසුනෙන් ඇද පහරදීම නිසා රියැදුරු මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කල බව එම බස් රථය අසළ සිටි අයෙකු පවසා තිබෙනවා.

මෙම පහරදීම අද (25) පස්වරු 2:00ට පමණ සිදු වී ඇති අතර, එම බස් රථය පැමිණි ගුරුවරුන් සහ දෙමව්පියන් විසින් එම පහරදෙන පුද්ගලයාගෙන් බැගෑපත්ව ඉල්ලා සිට ඇත්තේ රියැදුරුට පහර නොදෙන ලෙසත්, එසේ වුවහොත් ළමුන් පිරිස ආපසු අනුරාධපුරයට රැගෙන යාමට නොහැකිවන බවයි.

කෙසේනමුත් ගුරුවරුන්ගේ එම ඉල්ලීමද නොතකා එම පුද්ගලයා විසින් දිගින් දිගටම බස් රියැදුරුට පහර දී ඇති බවයි අප වාර්තාකරු පවසා සිටියේ.


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post