අපි දෙන්නා හොඳින් තේරුම් අරන් පටන් ගත්ත ජීවිතයක් මේක ' රොශාන් සහ රිද්මා කියන ඒ කතාව මෙන්න


 මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ ජීවන්ගේ භූමිකාවට පණ පොවන ඔහු ඕනෑම ආකාරයේ චරිතයකට අනුගත විය හැකි දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පියෙකි. රොෂාන් පිලපිටිය කී පමණින් ඔබ නෙතු මානයට එන රුව බොහෝදුරට හමුවන්නේ බැරෑරුම් චරිතවලදී වුවද හාස්‍ය රසයට ඔහු මෙතරම් දස්කම්පාන බව සනාථ කරන්නට ජීවන්ගේ භූමිකාව හොඳටම ප්‍රමාණවත්ය. එය එසේ වුවද පාර දිගේ ටෙලි නිර්මාණයේ භූමිකාව ද කිසිවිටෙක අමතක කළ නොහැක. මේ දිනවල විකාශය වන රාග, ආලවන්තී මෙන්ම මලක් ටෙලි නිර්මාණවල භූමිකා ඊට හාත්පසින්ම වෙනස්ය. පුංචි තිරය, රිදී තිරය මෙන්ම වේදිකාව ද සිය රංගනයට තෝතැන්නක් කරගත් ඔහුගේ කලාවට පිවිසීම සිදුවන්නේ ගායකයකු ලෙසින් වීම ද විශේෂත්වයකි. දිගු කලක සිට ක්ෂේත්‍රයේ නිහඬ ගමනක යෙදෙන රොෂාන්ගේ දිවියට රිද්මාගේ පැමිණීම ද ආශීර්වාදයක්ම විය. පුංචි රාහුල් පුතු පැමිණ රොෂාන් – රිද්මා සෙනෙහෙ කැදැල්ල තව තවත් ආලෝකවත් කළේය. අද අපේ කතාබහ සුන්දර, සරල දිවියකට හිමිකම් කියන රොෂාන් – රිද්මා යුවළ සමඟිනි.

පළමුව අප හා කතාබහට එක්වන්නේ රොෂාන්ය

ජීවන් කියන්නෙ මේ දිනවල ඔබ ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගෙන යන චරිතයක්. ඒ වගේ අවස්ථාවක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ජීවන්ගේ චරිතයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චරිතයේ සාර්ථකත්වය ගැන කතා කරද්දි තිරපිටපත් රචක බුද්ධික සේමසිංහ සිහිපත් කළ යුතුමයි. ඒ වගේම අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්. මං ඔහුත් එක්ක මීට කලින් වැඩ කරල තියෙනවා. ඔහු ඉතාම දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඔහුට අවශ්‍ය දේ ලබාගන්න පුළුවන් විදිහට ඔහු අපව ඔප දමනවා කිව්වත් හරි. ඒ වගේම බුද්ධික ඒ චරිතය හරිම ලස්සනට ලියනවා. ඔවුන්ගේ සහායෙන් තමයි ජීවන් මේතරම් සාර්ථක වෙලා තියෙන්නේ. ජීවන් කියන්නේ මගේ පළමු හාස්‍යජනක අත්දැකීම නොවෙයි. මීට කලින් මං පාර දිගේ ටෙලි නිර්මාණයේත් හාස්‍යජනක චරිතයක් කරලා තියෙනවා.

ජීවන්ගේ චරිතයේ සාර්ථකත්වයට ඒ හා ගැටෙන අනෙක් චරිතවල බලපෑමත් ඇති?

අනිවාර්‍යයෙන්ම. විශේෂයෙන්ම අංජන එහෙම නැත්නම් ලොකු බ්‍රදර්ගෙ චරිතයට පණ පොවන දේවින්ද වික්‍රමසිංහගෙන් ලොකු සහායක් ලැබෙනවා. අපි දෙන්නා තමයි බොහෝ දුරට එකට ගැටෙන්නේ. ඔහුත් ඉතාම දක්ෂ විදිහට ඒ චරිතයට සාධාරණයක් කරනවා. අනෙක් හැමෝගෙම සහායත් ඒ වගේමයි.

ඔබ ගොඩක් දුරට දායක වෙන්නේ බැරෑරුම් චරිතවලට වුණත් ජීවන් කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

කොහේ ගියත් ජීවන්ට පුදුමාකාර ආදරයක් ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. පාට කුරුල්ලෝ මොන චරිතය ගත්තත් එහෙමයි. ඒ හැම චරිතයකටම අසීමිතව ප්‍රතිචාර ලැබෙනවා.

✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post