රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්


 රටේ තිබෙන සෑම පාසලකම මදුරු මර්ධන වැඩසටහනක් ලබන 09 වන දින දියත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. 

ඒ මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් බව සඳහන්. 

මෙම මදුරු මර්ධන වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව සැලසුම් කර ඇත. 

එසේම “ක්ලීන් ශ්‍රී ලංකා දිනය” වශයෙන් එය නම්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරමින් කියා ඇත්තේ එදිනට එම වැඩසටහනෙන් රෝග ව්‍යාප්තිය වැළැක්වීම, මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගෙන ඒවා ඉවත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සිදු කිරීමට නියමිත බවයි.

ඒ සමඟම දිවයිනේ පාසල් දහදහස් අනූ හයම ආවරණය වන ලෙස චිත්‍ර, පොස්ටර් ප්‍රදර්ශන, මෙන්ම දැනුවත් කිරීමේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් ද සිදු කරන බව ද පවසයි.

ඊට අමතරව වාර්තා වන්නේ අඳාළ වැඩසහටන ඉදිරියේදී විද්‍යා පීඨ හා වෘත්තීය අධ්‍යාපන ආයතනවල ද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවයි. 


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post