නයිජිරියානු ගුවන් ප්‍රහාරයකින් ජිහාඩ් සටන්කාමීන් 35ක් මරුට


 නයිජිරියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් ජිහාඩ් සටන්කාමීන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කැමරූන් දේශසීමාව ආසන්නයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් මෙම මරණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජිහාඩ් සටන්කාමීන් විසින් නයිජිරියාව වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබු ප්‍රහාරයක් වළක්වාලමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නයිජීරියානු ආරක්ෂක අංශ පසුගිය මාස කිහිපය තුළ එල්ල කරන ලද ප්‍රහාරවලින් සටන්කාමින් 800 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවය.


Ada Derana News

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post