එක්කෝටි විසි ලක්ෂකට ගජමුතු 3 ක් විකුනන්න ගිහින් කොටුවෙයි


 (ගයාන් සූරියආරච්චි)

රුපියල් එක්කෝටි විසි ලක්ෂකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු 3 ක් සමග සැකකරුවකු කටුගස්තොට, කුඩාරවත්ත හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උහන, හිමිදුරාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව උපය දූතයකු මාර්ගයෙන් සැකකරු කටුගස්තොට අවන්හලක් තුළට ගෙන්වා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post