වතු නිවාස පෙළක ගින්නක් - නිවාස 4ක් විනාශයි


 කොත්මලේ පූඩළුඔය පොලිස් වසමට අයත් ඩන්සින්න වත්තේ මැද කොටසේ වතු නිවාස පේළියක (25) දින දහවල් හට ගත් ගින්නකින් වතු නිවාස 4ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව පූඩළුඔය පොලීසිය පවසයි.

පෙ.ව. 11ට පමණ එක් නිවසකින් ඇවිලුණු ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවත්, එම නිවාස පේළියේ වතු නිවාස 20ක් පිහිටි බවත් පොලීය සඳහන් කළේය.

පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් එක්ව සෙවිලි තහඩු සහ වහළ ගලවා පාලනය කර ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.

ගින්නෙන් විනාශ වූ වතු නිවාස 4ට පදිංචිව සිටි වතු කම්කරුවන් 30 දෙනෙකු පමණ තාවකාලිකව එම වතුයායේම ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව නතර කර ඇති බවත්, ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැකකරන බවත්, ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් පූඩළුඔය පොලීසිය පැවසීය 



Ada dera news

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post