පිළියන්දල 5000 සිට ඉහළට ගණිකා මධ්‍යස්ථානය වටලයි


 පිළියන්දල, බෝකුන්දර පාරේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් වටලා තිබේ. ඉකුත් 25 වන දා රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී, එම ස්ථානයේ කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ එහි සේවයේ නිරතව සිටි කාන්තාවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.



කැස්බෑව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව, පොලිස් උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම සිදුකර ඇත. රුපියල් 5,000ක මුදලක් ගෙවා සේවාවක් ලබාගැනීමට

උපාය දූතයා ඇතුළු වීමෙන් පසු ලබාදුන් සංඥාවකට අනුව අවට රැකවල්ලා සිටි පොලිස් කණ්ඩායම විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් 32 හැවිරිදි කළමනාකරු දෙණියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 31ත් 45ත් අතර වයස්වල පසුවන කටියාව, රාජගිරිය, පුත්තලම, ජා-ඇළ, අනුරාධපුරය සහ මහියංගණය ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකාරිනියන් බව පොලීසිය හඳුනාගෙන ඇත. සිදුකළ මූලික විමර්ශනවලට අනුව, රුපියල් 5,000 සිට 15,000 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ මෙම ස්ථානයේ කාන්තාවන් අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.



✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post