වෙළෙඳසැලකින් චොක්ලට් සොරාගත් බවට චෝදනා කර පහර දීමකින් පසු රෝහල් ගත කර සිටි 67 හැවිරිදි පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධියක් සම්බන්ධ වෙළෙඳසැලේ හිමිකරු සහ සහයකයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය පහළ ඊරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි ධර්මසේන කුරේ නමැති 67 හැවිරිදි දෙදරු පියෙකි.
බීබීසී සිංහල කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ මෙම පහරදීම අගෝස්තු 5 වැනිදා සිදුව ඇති බවයි.
සිද්ධිය කුමක් ද?
සිය දරුවන් දෙදෙනා විවාහ වූ පසු මෙම පහර කෑමෙන් මියගිය පුද්ගලයා සිය බිරිඳ සමග දිවි ගෙවා තිබේ.
ඔහු ඉකුත් 4 වන දා සවස පේරාදෙණිය නගරයට ගොස් නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගනිමින් සිටියදී අසල වෙළෙඳසැලක පුද්ගලයින් දෙදෙනකු පැමිණ පෙර දිනයකදී ඔහු චොක්ලට් සොරා ගත් ආකාරය CCTV කැමරා දර්ශනවල සටහන් වී ඇතැයි පවසා මෙම පුද්ගලයා ඔවුන්ගේ වෙළෙඳසැලට රැගෙන ගොස් පහර දී ඇති බව බීබීසී සිංහල කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
BBC News
Redirecting in a moment...
Tags:
News
