විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 975ක් අත්අඩංගුවට


 මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 975 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 21 දෙනෙකු හා වරෙන්තකරුවන් 422 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ආරක්ෂක නිලධාරීන් 7,185කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදු කර තිබේ.

එහිදී පුද්ගලයන් 28,858 දෙනෙක්ද වාහන 1,1162ක්ද යතුරු පැදි 9,054ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත. 

එමෙන්ම මෙම මෙහෙයුම් හරහා නීති විරෝධී ගිනි අවි 05ක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ. 

බීමත් රියදුරන් 118ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3,595ක් සදහාද පොලීසිය නෛතික පියවර ගෙන තිබේ.

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ සමස්ථයක් වශයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 934.55ක ප‍්‍රමාණයක්ද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1402.976ක ප‍්‍රමාණයක්ද ගංජා මත්ද්‍රව්‍ය කිලෝ 11620.068ක ප‍්‍රමාණයක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.


Ada derana News

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post