කෝටි ගාණක රත්‍රං බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට


 රුපියල් කෝටි එකොළහමාරකට අධික වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම රන් බිස්කට් තොගයේ බර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 2.66ක් බව සඳහන් වේ.

විමර්ශන නිලධාරීන් සදහන් කළේ ඩුබායි රාජ්‍යයේ සිට වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් ඒවා මෙරටට ගෙන්වා ඇති බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 58ක් වන හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු රේගු නිලධාරීන්ට වාහන අමතර කොටස් සදහා පනවා ඇති බදුද ගෙවා පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇති වූ සැකය මත අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ.


Ada derana News

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post