මැදවච්චිය ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ මැදවච්චිය, යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදී කොළඹ කොටුව සිට මන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක ගැටී ඔහු මියගොස් ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි මැදවච්චිය, යකාවැව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සදහන් වේ.
අදාළ පුද්ගලයා දුම්රිය ගේට්ටුවෙහි තාවකාලික ගේට්ටු මුරකරු වශයෙන් රාජකාරි යෙදී සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Ada Derana News
Redirecting in a moment...
Tags:
News