කොටහේනේ දැරියගේ සිද්ධියේ විමර්ශන ගැන පොලිසියෙන් අධිකරණයට දැනුම්දීමක්


 ඉකුත්දා කොළඹ කොටහේන ප්‍රදේශයේ ඉහළ මහලකින් පැන සියදිවි නසාගත් පාසල් ශිෂ්‍යාව ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. 

මෙහිදී විමර්ශන සිදු කරන ළමා හා කාන්තා කාර්යාංශයේ කොළඹ උතුර කොට්ඨාසයේ ස්ථානාධිපතිවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව සොයා ගනු ලැබූ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් කළේය.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම සී.සී.ටී.වී දර්ශන මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බවත් එම විමර්ශන වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් පොලීසිය සඳහන් කර සිටියේය. 

ඊට අමතරව ප්‍රකාශ ගණනාවක් සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බවත් පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ වෛද්‍ය වාර්තා ද පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම විමර්ශනවල ප්‍රගතිය සැප්තැම්බර් මස 29 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.


Ada Derana

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post