ඔබේ ම හිසකෙස්වලින් සාදන ලද දන්තාලේපයක් භාවිත කිරීමෙන් හානියට පත් දත් අලුත්වැඩියා කිරීමට සහ ආරක්ෂා කිරීමට උපකාරී වන බව පර්යේෂකයින් පිරිසක් පවසති.
කෙස්, සම සහ රෝම කූපවල ඇති ප්‍රෝටීනයක් වන කෙරටින්, එනමලය ශක්තිමත් කර මුල් අවධියේදී දත් දිරායාම වළක්වාගත හැකි බව ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබේ.
කෙරටින්, කෙළවල ඇති ඛනිජ සමග ප්‍රතික්‍රියා කරන විට ස්වභාවික එනමලය මෙන් ආරක්ෂිත තට්ටුවක් සාදන බව ඔවුන්ගේ පර්යේෂණයෙන් හෙළි විය.
"වර්තමාන දන්ත ප්‍රතිකාර සඳහා කෙරටින් පරිවර්තනීය විකල්පයක් විය හැකි යි," ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි ආචාර්ය උපාධි පර්යේෂක සාරා ගේමියා පැවසුවා ය.
ඇය තවදුරටත් මෙසේ පැවසුවා ය: "මේ තාක්ෂණය ජීව විද්‍යාව සහ දන්ත වෛද්‍ය විද්‍යාව අතර පරතරය පියවමින්, ස්වභාවික ක්‍රියාවලීන් පිළිබිඹු කරන පරිසර හිතකාමී ජෛවීය නිෂ්පාදනයක් සිදු කරනවා."
මෙම තාක්ෂණය වසර දෙකක් ඇතුළත වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව ආචාර්ය ෂෙරිෆ් එල්ෂාර්කාවි විශ්වාස කරයි.
Redirecting in a moment...
Tags:
News