කෙහෙළිය පවුලේ නඩුවට අධිකරණයෙන් දුන් නියෝගය


 මුදල් විශුද්ධි කරන පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන්  හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ සහ දරුවන් ඇතුළු පවුලේ 06 දෙනෙකුට එරෙහිව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම ගොනුකල පැමිණිල්ල සැප්තැම්බර් 09  දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අසංක එස් බෝදරගම මහතා ඊයේ (25) නියම කළා.


ඊයේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ දියණියන් වන චන්දුලා රමලි  රඹුක්වැල්ල, චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල ,අමලි නයනිකා රඹුක්වැල්ල හා බෑනාවන ඉසුරු පුලස්ති යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියා.


2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ප්‍රකාරව හා මුදල් විශුද්ධීකරණ පනතේ 4 හා 3 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකොට ඇතිි බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම පැමිණිල්ල තවදුරටත් පවරා පවත්වාගෙන යන්නේ ද යන්න සම්බන්ධයෙන් සැප්තැම්බර් 09 දින අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කරමින් විමර්ශන විභාගය කල් තබනු ලැබුවා.



Ada Derana News

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post