අගමැතිනියගෙන් ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවකට අභියෝගයක්


 තමන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලීම සඳහා රෝහලට ගිය බවට පළවෙන තොරතුරු සාවද්‍ය බවත් එසේ ගිය බවට තොරතුරු ඇත්තම් එය ඔප්පු කර පෙන්වන ලෙසත් අගමැති හරිනි අමරසූරිය මෙනවිය පවසයි.


මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ එම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන ලද මාධ්‍ය ආයතනයට එය ඔප්පු කර පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවය.


ඔහුගේ තත්වය ගිය අයගෙන් තමයි අහන්න වෙන්නේ.ඊයේ අගමැති කාරියාලය එයට නිසි පිලිතුරක් දුන්නා.සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ කරන අයට ඉදිරියට ක්‍රියාමාර්ග ගන්න වෙනවා.මම කියන්නේ මම ගියානම් ප්‍රවෘත්තිය පාදක වෙන සාක්ෂියක් තියෙන්න ඕනි එය ඉදිරිපත් කරන්න.

එහෙම ප්‍රවෘත්ති අහසින් නිර්මාණය කරන්න බැහැ නේ.ගියානම් කොහෙන්ද ඒ තොරතුර ආවේ මාව දැක්කද .අගමැතිනිය ලෙස මට ඕන ඕන තැන්වලට යන්න බැහැ.ඒ නිසා මට හෙරේන යන්න බැහැනේ කොහෙටවත්.මම ගියා කියලා ඔප්පු කරන්න.ඒ මාධ්‍ය නැද්ද අද.මම අභියෝග කරනවා මම ගිය බව ඔප්පු කරන්න.එතකොට හරිනේ ප්‍රශ්නේ විසදෙනවා මම වැරදි.මම බොරු කියනවා කියලා ඔබතුමාලා ඔප්පු කරන්න.


අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදින් විසින් ඊයේ අගමැතිනිය සම්බන්ධයෙන් පළවු සාවද්‍ය පුවත පිළිබඳ විමසු අවස්ථාවේදී මෙලෙස පවසා සිටියා.



✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post