සල්ලි කියන්නේ ඉතුරු කරන්න අමාරු දෙයක් කියලා හිතන අයට තමයි මේ ලිපිය...
අද කාලේ කවුරුත් කියන දෙයක් තමයි කොච්චර හම්බ කලත් වැඩක් නෑ, ඉතුරු වෙන්නේ නෑ කියල. බලන්න කෝ මේ ලිපිය ඔයාලටම තේරෙයි මොනද මෙහෙම වෙන්නේ කියල. අපි බලමු ඒ සරල ක්‍රම මොනවද කියලා ...
01. උපයන මුදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සුදුසුම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනුව සියලු දේ කිරීමය.
02. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදී ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.
03. දකින දකින දේ මිළදී ගැනීමේ පුරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනුව කටයුතු කරන්න. "Sale" යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.
04. මිළ අධික දේ වෙනුවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මුදල් ඉතිරිය අධ්‍යනය කරන්න.
05. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩු කර පවුලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.
06. කඩ පිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මුදල් වැය වෙනවා..
07. ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ. සාප්පු සවාරි යෑම සීමා කරන්න. සැමවිටම අනවශ්‍ය ලෙසින් මුදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීයි.
08. සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දී වැටුප වැඩිම ස්ථානය තෝරාගන්න.
09. ක්‍රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පුර්ණයෙන්ම ගෙවන්න. හැකි තරමින් ක්‍රෙඩිටි කාඩ්වල මුදල් ගෙවා නිමා කරන්න. නොමැති නම් ඔබට අනවශ්‍ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ.
10. සැමවිටම මුදල් වියදම් කිරීමට පෙර සැලසුමක් සකස් කරගන්න. ඒ තුළින් යම් ප්‍රමාණයක් ඉතිරි කළ හැකි මාර්ග අධ්‍යයනය කරන්න.
11. අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසුමක් යොදන්න. ඒ සඳහා උපයෝගි කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණුමක යම් මුදලක් තැන්පත් කිරීමයි.
12. මේ සඳහා ඔබ මඳක් දුරින් පිහිටි බැංකුවක අලුත් ගිණුමක් අරඹා එයින් නිකුත් කරන ක්‍රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසුවෙන් මුදල් ගැනීමට නොහැකි වීමෙන් මුදල් ඉතිරි වේ.තවද නිශ්චිතදිනයකදී වැටුපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මුදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යුතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වෙනවා..
13. වැඩිපුර මුදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මුදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.
14. මුදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මුදල් යොදවන්න. එය සුළු ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වුවද කමක් නැහැ.
15. මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.
16. මුදල් ඇති විටදී මුදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසුව මුදල් කළ හැකියි.
17. ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහුල නොවන වේලාවන්හිදී පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.
18. තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථ වලින් දරුවන්ව පාසල් යැවීම වෙනුවට ඔවුන් බස් රථ හා දුම්රියෙන් යෑම පුරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මුදල් ඉතිරියක්.
19. පුවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේදැයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස් වලට පුරුද්දක් ලෙසින් ඉරිදා ඉංග්‍රීසි පුවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.
20. යම් යම් මිළදි ගැනීම් වලින් ඔබට ලැබෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මුදලට තවත් මුදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සුදුසුයි .
21. කඩ පිළට යද්දී බෑගයක් ගෙන යන්න. එවිට අලුතින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ.
22. ගෘහනියක් ලෙසින් ඔබේ පාවිච්චියට මෝටර් රථයක් මිළදී ගන්නේ නම් ඒ සඳහා ඉන්ධන අඩුවෙන් වැය වන වාහනයක් තෝරාගන්න.
23. වේගයෙන් රිය පැදවීම අනවශ්‍ය ලෙසින් තිරිංග තද කිරීම හා අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින්න. සැලකිය යුතු මුදලක් ඉන් ඔබට ඉතිරි වෙනවා..

24. මෝටර් රියෙන් යම් ගමනක් යෑමට පෙර එය සැලසුම් කරන්න. ගමන් කළ යුතු මාර්ගය එම ගමනේදී ඉටු කළ හැකි දේ ඒ සඳහා ගත වන කාලය කල්තියා සැලසුම් කිරීමෙන් සියලු කටයුතු මඟ හැරීමකින් තොරව ඉටු කර ගත හැකි වේ. එමගින් ඉන්ධන සඳහා වැය වන මුදල් ඉතිරි කර ගැනීමට හැකිවෙනවා.
25. මිළ අධික භාණ්ඩයක් මිළදී ගැනීමට පෙර ඒ පිළිබඳව දන්නා අයගෙන් විමසා බලන්න. එවිට ඉතා කදිම වර්ගයක් අඩු මුදලකට ගැනීමට හැකි වේවි.
26. සුබ පැතුම් පත් මිළදී නොගෙන ඒවා නිවසේ සකස් කර ගන්න. දරුවන්ගේ ඇඳුම් සාරි ආදිය ද එසේ සකස් කර ගැනීමෙන් මුදල් ඉතිරිය සේම වැඩි අලංකාරයක් ද ලැබීමට හැකි වෙනවා..
27. විදුලි පරිභෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මුදල් ඉතිරි කර දෙනවා. නිවසේ විදුලි පහන් නිවා දැමීමෙන් එක්වර ඇඳුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජල ටැංකිය පිරවීමෙන් හොටි ප්ලේට් භාවිත නොකිරීමෙන් ඔබට විදුලිඛිල බෙහෙවින්ම අවම කරගත හැකියි. නිබඳවම විදුලි පහන් දල්වන ස්ථානයන්ට CFL BULB යොදන්න. එමගින් ඔබට විදුලි බිල 10%- 20 % ප්‍රමාණයකින් ඉතිරි කර ගතහැකියි.
28. නිවසේ සැමට එකවර තේ පිළියෙල කරන්න.
29.නිතරම ඉවසීමෙන් කටයුතු කරන්න. මුදල් වැය කිරීමට පෙර එය අධ්‍යනය කරන්න.
30. ආහාර ද්‍රව්‍ය, මුදල් හැකි තරමින් අවම කිරීමට උත්සාහ කරන්න.
උපුටාගැනීමක්

Redirecting in a moment...
Tags:
News