සැමියාගේ පිහි ඇනුමෙන් තිදරු බිරිද මරුට


 (ජේ.කේ.එල්. චාමින්ද)


හබරාදුව පොලිස් වසමේ අමුකොටුව ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිද පිහියකින් ඇණ ඝාතනය කර ඇති බව හබරාදුව පොලිසිය පවසයි.

පිහි ඇනුමෙන් තුවාල ලැබූ කාන්තාව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය එහිදී මිය ගොස් ඇත.

මියගොස් ඇත්තේ ඉදිරිමුණි නන්දනී රොද්‍රිගු නැමැති 44 හැවිරිදි තිදරු මවකි.

මෙම කාන්තාව ඇගේ සැමියා අතර ඇතිවූ පවුල් ආරවුලක් මත වෙන්ව ජීවත් වන බව පොලිසිය පවසයි.

මෙම තිදරු මව තේ කම්හලක සේවය කර ඇති අතර ඇය ඊයේ (29) පස්වරුවේ සේවය අවසන්ව නිවසට පැමිණෙමින් සිටියදී සැමියා මග රැකසිට කාන්තාවට පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

සැකකාර සැමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.හබරාදුව පොලිසිය පරික්ෂණ පවත්වයි.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post