රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදෙස් සංචාරයට මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පිළිබඳව ද මේ වනවිට විමර්ශන සිදුකෙරෙමින් පවතින බව නීති දිශාව භාර, නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ සඳහන් කළා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (23) පැවති පොලිසියේ විශේෂ මාධ්‍ය හමුවකදී වන අතර, විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බැවින්, ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම, පෙරේදා දිනයේ අධිකරණයේදී “මෙහිදී හිටපු ජනාධිපති ලේකම්වරයා වැරදි ආකාරයෙන් කටයුතු කර තිබෙනවා. රජයේ නිලධාරීන් දේශපාලකයින්ව හරි මග යැවිය යුතුයි. ඔහුට රජයේ අරමුදල් තමන්ගේ අභිමතයට යොදාගන්න බෑ.” යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර, ඔහු සඳහන් කළේ, මෙම සංචාරයේ වියදම් සඳහා පූර්ව අනුමැතියද ලබාගෙන නොමැති බවයි.
Today News LK
Redirecting in a moment...
Tags:
News