හිටපු රාජ්‍ය අමාත්‍ය ලෝහාන් රත්වත්තේගේ අභාවය, නුවරට පමණක් නොව රටට ම විශාල පාඩුවක් වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, ලෝහාන් රත්වත්තේ මහතා ප්‍රතිකාර ලබමින් සිටි රෝහල් පරිශ්‍රය වෙත පැමිණි අවස්ථාවේදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ, අභාවප්‍රාප්ත ලෝහාන් රත්වත්තේ තමාට හිතවත් ම මිත්‍රයෙක් ද වූ බවයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලෝහාන් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.
මිය යන විට ඒ මහතා 57 වන වියේ පසුවූවා.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවීණ දේශපාලනඥයෙකු වූ රත්වත්තේ මහතා, හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ වැඩිමහල් පුත්‍රයායි.
ඔහු සිය දේශපාලන ගමන ආරම්භ කළේ 2009 වසරේදී මධ්‍යම පළාත් සභාවට තේරී පත්වීමෙනි.
ඉන් අනතුරුව, 2010 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර, 2015 සහ 2020 වසරවලදී ද නැවත තේරී පත් විය.
ඔහු සිය දේශපාලන දිවිය තුළ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය, සහ මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍ය ඇතුළු අමාත්‍ය ධූර කිහිපයක්ම හෙබවීය.
ඔහුගේ ධුර කාලය තුළ මතභේදාත්මක සිදුවීම්ද ඇති විය.
2021 වසරේදී දෙමළ සිරකරුවන්ට තුවක්කුව පෙන්වා තර්ජනය කළ බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් ඔහු බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.
Tody News LK