රනිල්ට දුන් නියෝගය විවේචනය කළොත් වැඩ වරදී! මාලිමා නීතීඥවරු අනතුරු අඟවයි!


 ජාතික ජනබලවේගයේ නීතීඥයෝ සංවිධානය (මාලිමා නීතීඥවරුන්) අද (24) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් එල්ල වන විවේචන ගැන අනතුරු ඇඟවීය.


ජාතික ජන බලවේග නීතීඥ සංගමයේ, නීතීඥ උපුල් කුමාරප්පෙරුම අවධාරණය කළේ, එම නියෝගය පාර්ලිමේන්තුවෙන් පිටතදී පසුගාමී තත්ත්වයට පත්කරන ප්‍රකාශ සිදුකිරීම අධිකරණයට අපහාස කිරීමක් දක්වා වර්ධනය විය හැකි බවයි.


ඊට අමතරව එවැනි ප්‍රකාශ මහජන කැළඹීමක් දක්වා වර්ධනය වුවහොත් එය හිටපු ජනාධිපතිවරයාට ඇප නොදීමට හේතුවක් විය හැකි බවද ඔවුන් සඳහන් කළා.


මේ බලපෑම සමාජ දේහයටම ඇතුළු වී අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ අවිශ්වාසයක් ඇති වන බව ද මෙම සිදුවීම දේශපාලන උවමනාවන් මත සිදුකරන බවට සමාජගත කිරීමට උත්සාහ කිරීම වැරදි බවත් එය ජනතාව අවබෝධ කරගත යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.



✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post