බස් රථයක් සහ ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් ගැටී අනතුරක්


 හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් හා ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් ගැටී තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ හිඟුරක්ගොඩ, කිඹුලාවල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, බස් රථය හා ඩිෆෙන්ඩර් රථය මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබුණි.

අද (19) උදෑසන 7.30ට පමණ අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී බස් රථය මැදිරිගිරිය වඩිගවැව සිට හිඟුරක්ගොඩ දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර, ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථය හිඟුරක්ගොඩ සිට මැදිරිගිරිය දෙසට ධාවනය වී ඇත.

අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇතැයි අප වාර්තාකරු පැවසීය.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු හිඟුරක්ගොඩ පොලීසිය විසින් සිදුකරයි.





Ada Derana News 

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post