අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගනී


 මාන්කුලම්, පාලප්පානි ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබේ.

මියගිය කාන්තාවගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල ද දක්නට ලැබුණු බව පොලිසිය පැවසුවේය.

එමෙන්ම ඇය පැළදී සිටි රන් ආභරණ ද අස්ථාන ගත වී ඇති බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි පාලප්පානි ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


Ada Derana News

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post